by Sagarika Chathumali 24-02-2019 | 4:08 PM
COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය අවිස්සාවේල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම දෙහිඕවිට ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවිස්සාවේල්ල උවුඩිල ප්‍රදේශයේ පදිංචි ධම්මිකා රත්නායක නමැති 44 හැවිරිදි කාන්තාවකි.
නිවස පරීක්ෂා කරන අවස්ථාවේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා එහි සිට නොමැත.
නිවසේ තිබී ෂොට් ගන් 1ක්, උණ්ඩ 9ක්, කඩුවක්, තහනම් පිහි 2ක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ භාණ්ඩ අවිස්සාවේල්ල පොලිසියට භාරදීමට නියමිතයි.