ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 24-02-2019 | 6:29 AM

දේශීය පුවත්

1. පාර්ලිමේන්තු ගැටුම් පිළිබඳ කමිටු වාර්තාවේ යටි අරමුණ ගැන මන්ත්‍රී ෂේහාන් සේමසිංහ කියයි: නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේදී සිදු වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳව දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ විය. 2. පැය 7කට ආසන්න කාලයක් පැවති රත්ගම විරෝධතාව අවසන්: රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් රත්ගම ප්‍රදේශවාසීන් පිරිසක් ගාලු පාර සහ දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවැත්වූ විරෝධතාව ඊයේ සවස අවසන් කළහ. 3. ‘කුඩු චූටි’ට වෙඩි තැබූ කංචිපානිගේ ගෝලයා STF අත්අඩංගුවට: කොලොන්නාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් නව්ෆර් මොහොමඩ් අලි නැමැති සැකකරු මාලිගාවත්ත මැල්වත්තේදී ‘කුඩු චූටි’ නැමැති කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට අනාවරණ වී තිබේ. 4. වල් බිහි වූ මහපළුගස් වැවට V-Force බලකායෙන් නව ජීවයක්: රට වෙනුවෙන් ගමට මෙහෙවරක් කරන්නට කැපව සිටින V-Force තරුණ නායකයෝ තව ත් පියවරක් සනිටුහන් කළහ.

විදෙස් පුවත්

5. ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක්: ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක් උදාවී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ක්‍රීඩා පුවත්

6. දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්: ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.