පෝයට උපකාරක පන්ති වැලැක්වීට නීතිපති උපදෙස්

ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික පන්ති වැලැක්වීමේ යෝජනාවට නීතිපති උපදෙස්

by Staff writer 24-02-2019 | 7:45 AM

COLOMBO (News 1st) - ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම වැලැක්වීමේ යෝජනාවට නීතිපති උපදෙස් ලබා ගන්නා බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ යෝජනාවට කතෝලික ප්‍රජාව නියෝජනය කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග, ඉස්ලාම් දහම නියෝජනය කරමින් අමාත්‍ය ඒ. එච්. එම් හලීම්, හින්දු ආගමික කටයුතු වෙනුවෙන් අමාත්‍ය මනෝ ගනේෂන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් අත්සන් තබා ඇති බවයි. ඒ පිළිබඳව කථානායක කරූ ජයසූරිය මහතා ද දැනුවත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.