හෙළ සිනමාවේ ප්‍රථම ත්‍රෛභාෂිත සිනමා සිත්තම

හෙළ සිනමාවේ ප්‍රථම ත්‍රෛභාෂිත සිනමා සිත්තම

by Staff writer 23-02-2019 | 9:18 AM

චිත්‍රපට අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේගේ නවතම සිනමා පටය, ගිරිවැසිපුර හි පූර්ව ප්‍රචාරක පට ජනගත කර තිබේ.

ඒ, කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකදී යි. ගිරිවැසිපුර, සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන ත්‍රෛභාෂාවෙන් හෙළ සිනමාවට දායාද වන ප්‍රථම සිනමා පටයයි. එහි සිංහල සහ දෙමළ පූර්ව ප්‍රචාරක පට එළිදැක්වීමේ අවස්ථාවට කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ. ඊට සමගාමීව ගිරිවැසිපුර සිනමා පටයේ නිල ෆේස්බුක් පිටුව ද එළිදැක්විණි. ගිරිපුරවැසි සිනමා පටය නිර්මාණය වී ඇත්තේ මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ පුරාවෘත්තය ඇසුරෙනි. නිරංජනී ශන්මුගරාජා, මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, බුද්ධික ලොකුකැටිය, දයා තෙන්නකෝන් ඇතුළු රංගන ශිල්පීන් රැසක් ඊට රංගන දායකත්වය ලබාදෙනු ඇත.