දෙපානම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

දෙපානම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 23-02-2019 | 6:44 AM

COLOMBO (News 1st) - පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසූවේ, අද අලුයම 12 ට පමණ වෙඩි තැබීම සිදු ව ඇති බවයි. සිද්ධියෙන් ඝාතනයට ලක් ව ඇත්තේ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් ය. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානය ආසන්නයේ තිබී හිස් පතුරම් කොපු දෙකක් සොයා ගත් බවය.