ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 23-02-2019 | 6:34 AM

දේශීය පුවත්

1. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බව හෙළිවෙයි: රත්ගම ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. 2. මත්වන මැති, ඇමතිවරු ගැන කිරිඇල්ල කමිටුවට රන්ජන්ගෙන් ප්‍රකාශයක්: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කරන චෝදනාව පිළිබඳ කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂය පත් කළ කමිටුව ඔහු කැඳවා කරුණු විමසා ඇත. 3. රුවන් විජේවර්ධන කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි: ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 4. පාර්ලිමේන්තු ගැටුමේදී මන්ත්‍රීවරු 60 දෙනෙක් බලතළ හා වරප්‍රසාද පනත උල්ලංඝණය කර ඇති බවට තහවුරු වෙයි: පසුගිය නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්වලදී මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පාර්ලිමේන්තු බලතළ හා වරප්‍රසාද පනතේ සඳහන් වැරදි සිදු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව සඳහන් කරයි. 5. රුපියල් කෝටි 10 ක මත්ද්‍රව්‍ය මීගමුවෙන් හමුවෙයි: මීගමුව, පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් පුවත්

6. පාකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කරයි: ඉන්දියාවේ සිට පාකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.