කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු ජම්පටා වීදියේදී අත්අඩංගුවට

by Staff writer 23-02-2019 | 4:26 PM
COLOMBO (News 1st) - කොළඹ අපරාධ කොට්ඨාසය ජම්පටා වීදිය ප්‍රදේශයේ අද අලුයම ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් වෙඩි තැබීම් රැසකට සම්බන්ධ තුවක්කු කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොහු කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරු ක්‍රියාත්මක කළ අපරාධ රැසකට වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බව ය. අබ්දුල් ගෆුර් මොහොමඩ් රිස්වාන් නමැති සැකකරු 39 හැවිරිදි අයෙකි. දැනට ක්‍රියාත්මක කර ඇති විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකරු 2018 වසරේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට තැත් කිරීමේ සිද්ධි 4කට සම්බන්ධ බව ය.