මාධ්‍යයට බද්දක් පනවන කටකතා අසත්‍යයයි...

අයවැයෙන් මාධ්‍යයට බද්දක් පනවන බවට පැතිරෙන කටකතා අසත්‍යයයි

by Staff writer 23-02-2019 | 7:31 AM

COLOMBO (News 1st) - මෙවර අයවැයෙන් මාධ්‍යයට බද්දක් පනවන බවට පැතිර යන කටකතාවන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි නව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසූවේ, ඊයේ පස්වරුවේ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.