ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක්….

ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක්….

ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක්….

කර්තෘ Staff writer

23 Feb, 2019 | 7:45 am

ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක් උදාවී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සඳහන් කළේ, මේ වන විට දෙරට අතර ගැටලු රැසක් පවතින බව ය.

ඒ හේතුවෙන් ඉදිරියේදී තව ත් ගැටලු රැසක් මතුවිය හැකි බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

පසුගිය 14 වැනි දා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දියානු හමුදා සෙබළුන් 40 දෙනෙකු පමණ මිය ගියහ.

ප්‍රහාරය හෙළා දකිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, තම අසල්වැසියන් ත්‍රස්තවාදයට උපකාර කරන බැවින් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් පාකිස්ථානයේ ක්‍රියාත්මක ජායිස් ඊ මොහොමද් නමැති සටන්කාමී සංවිධානය අදාළ ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.

ඒ හේතුවෙන් ඉන්දියාවේ සිට පාකිස්ථානයට ගලා යන ගංගා ජලය පවා සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඉදිරියේදී ඉන්දීය සිනමා පට පාකිස්ථානයේ තිරගත කිරීම අත්හිටුවීමට ද නියමිත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]