සරසවි වරම් අපේක්ෂාවෙන් 76000කගෙන් අයැදුම්පත්

සරසවි වරම් අපේක්ෂාවෙන් 76000කගෙන් අයැදුම්පත්

by Staff writer 22-02-2019 | 7:53 AM
COLOMBO (News 1st) - 2018 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට මෙවර අයැදුම්පත් 76591ක් ලැබී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ, පසුගිය 07 වන දායින් අයැදුම්පත් භාර ගැනීම අවසන් වූ බව ය. එහෙත් අයැදුම්පත් ඉදිරිපත් කළ අපේක්ෂකයින්ට ලබන මස 07 වන දා දක්වා තමන් අයැදුම් කළ පාඨමාලාවල අනුපිළිවෙල පමණක් වෙනස් කිරීමේ හැකියාව පවතින බව ඔහු පැවසුවේ ය. ඒ සඳහා ඔන්ලයින් ක්‍රමයෙන් විශේෂ අයැදුම් පත්‍රයක් යොමු කළ යුතු ය. ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ, අයැදුම් කළ අපේක්ෂකයින්ගෙන් 31654 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ය. නව උපාධි පාඨමාලා දෙකක් ද මෙවර සිසුන් සඳහා හඳුන්වා දී ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී එම පාඨමාලා ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.