ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක්

by Staff writer 22-02-2019 | 8:45 PM

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් පෝට් එලිසබෙත්හිදී පැවැත්වේ.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවේ සියලු දෙනා පන්දුවාර 44 ක් අවසානයේදී ලකුණු 128 කට අද දැවී ගියහ. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 197 ක්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 222 කට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 154 කට දැවී ගියේ ය.