රුපියල් කෝටි 10 ක මත්ද්‍රව්‍ය මීගමුවෙන් හමුවෙයි

රුපියල් කෝටි 10 ක මත්ද්‍රව්‍ය මීගමුවෙන් හමුවෙයි

by Staff writer 22-02-2019 | 9:40 PM

COLOMBO (News 1st) - මීගමුව, පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය එම ප්‍රදේශයේ කළ වැටලීමකදී යි. සැකකරු සන්තකයේ තිබි ඇෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 655 ක් ද සොයා ගෙන ඇත. පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 10 කට අධික ය. 29 හැවිරිදි සැකකරු පෝරතොට පදිංචිකරුවෙකි. https://www.facebook.com/NewsfirstSL/videos/2259731530934743/