මත්වන මැති, ඇමතිවරු ගැන කිරිඇල්ල කමිටුවට රන්ජන්ගෙන් ප්‍රකාශයක්...

by Staff writer 22-02-2019 | 7:52 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කරන චෝදනාව පිළිබඳ කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂය පත් කළ කමිටුව අද ඔහු කැඳවා කරුණු විමසා තිබේ.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර සහ ආශු මාරසිංහ යන මහත්වරුන් ඇතුළත් ය. අද පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී ඔවුන් රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ. සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
අපි වාර්තාව ගරු අගමැතිතුමාට භාර දෙනවා. මේක එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වැඩක්.
ප්‍රශ්නය
ලිඛිතව මොකුත් දුනනේ නැද් ද?
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
එක සටහන් කර ගත්තා.
ප්‍රශ්නය
නාම ලේඛනයක්
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
ඒවා කියන්න බැහැ. අපිට දුන්න ප්‍රකාශයම රන්ජන් රාමනායක මන්ත්‍රිතුමා CID යට දිලා තියෙනවා.
ප්‍රශ්නය
නාම ලේඛනයක් භාරදීමක් සිදු කළා ද?
මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, රන්ජන් රාමනායක,
අද හතර දෙනෙක්ගෙන් සමන්විත කමිටුවකින් විනය පරීක්ෂණයකට මාව භාජනය කළා. මම නළුවෙක් රංගදරයෙක් හින්දා ඒගොල්ලෝ කියනවා ඒක පිළිගන්න බෑ කියලා. මේ කියන්නේ හිටපු කැබිනට් අධිකරණ අමාත්‍යතුමා. විජයදාස රාජපක්ෂ මහත්මයා. ඩබල් ඩොක්ටර් කෙනෙක්. කුඩු ගහන මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතින් මම කිව්වදේට වඩා එහා ගිය කතාවක් ඔහු කියලා තියෙන්නේ. ඇත්තෙන්ම වැඩි කට්ටියක් ඉන්නේ පොහොට්ටුවේ. අපේ ඉන්නේ සුළු පිරිස. ටී එන් එකේ මන්ත්‍රීවරුන් ගැන දැන් කිසිම ආරංචියක් නෑ මට ඒ ගැන. ජේ වී පි එකේ මන්ත්‍රීවරු හය දෙනා ගැන එවැනි චෝදනාවක් කරන්න මට තොරතුරු නෑ. ඒ ඇර විමල් වීරවංශ මහත්මයගේ පක්ෂයේ දෙදෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා දහයට වැඩිය ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්නවා. පිවිතුරු හෙළ උරුමයේ ඉන්නේ ගම්මන්පිළ මහත්තයයි තව කවුද ඉන්නේ එයා විතරයි ඉන්නේ. එයා ගැන දැන් තොරතුරක් නෑ
ප්‍රශ්නය, මේ කාරණාව දැන් ඔප්පු වුණොත් එහෙම ඔබතුමා පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තුවෙන්නේ මොනවා ද? අමාත්‍ය, රන්ජන් රාමනායක,
ගරු කථානායකතුමාට මේක කරන්න බෑනේ. එතුමා වෛද්‍යවරයෙක්වත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්වත් නෙමෙයි. මම කමිටුවට මගේ කතාව කිව්වා. ඉතින් මම කියන්නේ කමිටුවකින් තීරණය කරන්න බෑ මේක. මේක තීරණය කරන්න වෙන්නේ වෛද්‍යවරුන්ට. මේක තීරණය කරන්න අයි ඩී එකට සහ අනෙකුත් පරීක්ෂණ නිලධාරීවරුන්ට. ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර්ස්ල‍ට. මෙතනදි පහරදීම් ආසන නැතිවීම් මන්ත්‍රීධූර අහිමිවීම්, රාජ්‍ය ඇමතිධූර අහිමිවීම්, ගුටි කෑම්, හොම්බට ඇනීම් සියලු දේවල් බලාපොරොත්තු වෙන්න ඕන. පක්ෂ මාරු කරන දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ. මම එහෙම වුණොත් මම ස්වාධීන වෙන්න පුළුවන්.
අනතුරුව අද පස්වරුවේ රන්ජන් රාමානයක රාජ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික රෝහලකට පැමිණ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන්නේ ය. අමාත්‍ය, රන්ජන් රාමනායක,
අනිත් අයත් මේ වගේම ඇවිල්ලා මේක දුන්නා නම් හොඳයි. එතකොට අපිට දැනගන්න පුළුවන් කවුද මේකට සම්බන්ධ සහ මේ චෝදනාවට ගොදුරු වන්නේ සහ නොවන්නේ කියලා.