by Staff writer 22-02-2019 | 5:36 PM
COLOMBO (News 1st) - පසුගිය නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්වලදී මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පාර්ලිමේන්තු බලතළ හා වරප්‍රසාද පනතේ සඳහන් වැරදි සිදු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව සඳහන් කරයි.
මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව ස්ථාවර නියෝග 77 අනුව පියවරගත යුතු බව කමිටුව නිර්දේශයන්හි සඳහන් ය.
සති දෙකත් සති හතරත් අතර කාලයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම ස්ථාවර නියෝගයේ ඇතුළත් වේ.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටු වාර්තාවට අනුව මෙම පියවර ගන්නැයි නිර්දේශ කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 55 දෙනෙකුම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර එක්සත් ජාතික පක්ෂයේ 04 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් අයෙකු ඇතුළත් වේ.
ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම, රන්ජන් රාමනායක, චන්දිම ගමගේ හා තුෂාර ඉදුනිල් අමරසේන යන මන්ත්‍රිවරුන් සිව්දෙනෙකු ද පාර්ලිමේන්තු වරප්‍රසාද පනත උල්ලංඝණය කර ඇත.
එහි නම් සඳහන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන්නේ,
එස්.බී.දිසානායක
ආනන්ද අලුත්ගමගේ
ප්‍රසන්න රණවීර
පියල් නිශාන්ත
පද්ම උදයශාන්ත
ඩිලාන් පෙරේරා
දිනේෂ් ගුණවර්ධන
ලොහාන් රත්වත්තේ
ජයන්ත සමරවීර
රෝහිත අබේගුණවර්ධන
තිලංග සුමතිපාල
ජොන්ස්ටන් ප්‍රනාන්දු
දිලුම් අමුණුගම
ඉන්දික අනුරුද්ධ
සිසිර ජයකොඩි
කංචන විජේසේකර
පියංකර ජයරත්න
සුසන්ත පුංචිනිළමේ
පවිත්‍රා වන්නිආරච්චි
මහින්දානන්ද අලුත්ගමගේ
රංජිත් සොයියා
එස්.එම්.චන්ද්‍රසේන
ඩී.වී.චානක
අරුන්දික ප්‍රනාන්දු
ඩලස් අලහප්පෙරුම
විමලවීර දිසානායක
ෂෙහාන් සේමසිංහ
තේනුක විදානගමගේ
අනුරාධ ජයරත්න
සාරතී දුෂ්මන්ත
සනත් නිශාන්ත
කනක හේරත්
උදය ගම්මන්පිළ
තාරානාත් බස්නායක
විමල් වීරවංශ
නිමල් ලංසා
සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ
ජනක බණ්ඩාර තෙන්නකෝන්
රමේෂ් පතිරණ
විජිත බේරුගොඩ
මොහාන් ද සිල්වා
රොෂාන් රණසිංහ
නිශාන්ත මුතුහෙට්ටිගම
ප්‍රේමලාල් ජයසේකර
ඩුලිප් විජේසේකර
වාසුදේව නානායක්කාර
සී.බී.රත්නායක
ටී.බී.ඒකනායක
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
තාරක බාලසූරිය
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
ජානක වක්කුඹුර
බන්දුල ගුණවර්ධන
එස්.ප්‍රේමරත්න
සාලින්ද දිසානායක යන මහත්වරුන් ය.
පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් හා සමාන දෙයක් ළඟ තබා ගෙන සිටි බව වාර්තාවේ සඳහන් විය.
එමෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිහියක් වැනි දෙයක් ඔහුගේ කලිසම තුළින් පිටතට ගත් බව ද මෙහි දැක්වෙයි.
කමිටු නිර්දේශයේ සඳහන් වන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ස්වාධීන පරීක්ෂණ කඩිනමින් අවසන් කර නීතිපති උපදෙස් මත අධිකරණමය ක්‍රියා මාර්ගයට අවතිර්ණවීම අත්‍යවශ්‍ය බවයි.
නියෝජ්‍ය කථානාකවරයාගේ සභාපතිත්වයෙන් යුතු අදාළ කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩර, මාවෙයි සේනාධිරාජා, චන්ද්‍රසිරි ගජධීර හා බිමල් රත්නායක යන මහත්වරුන් ය.
චමල් රාජපක්ෂ මහතා කමිටු රැස්වීමට සහභාගි නොවීම විශේෂත්වයකි.