ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 22-02-2019 | 7:43 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. තමා බිහි කළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව ජනපති පවසයි. 2. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ඊයේ පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. 3. නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් මෙරට ජනතාවට හඳුන්වා දීමේ අරමුණින් ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දීම ඊයේ සිදු විය. 4. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. 5. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ මාමණ්ඩිය වන රංජිත් තිලකරත්න නොහොත් අල රංජි නමැත්තා ගුණසිංහපුරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ඔස්ට්‍රේලියානු හිටපු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙන බව ඊයේ නිවේදනය කළා ය. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ පෝට් එලිසබෙත්හිදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 62ක් අවසානයේදී ලකුණු 222කට දැවී ගියේ ය.