by Staff writer 22-02-2019 | 10:05 AM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, සන්ධානය නියෝජනය කරන සියලු ම පක්ෂ නායකයින්ට ද ඒ සඳහා ඇරයුම් කර ඇති බව ය.
එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත ය.
ඊට අමතරව ගොඩ නැගීමට නියමිත පුළුල් සන්ධානය සහ එළැඹෙන මැයි දින සැමරුම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත ය.
කෙසේ වෙතත් හමුව පැවැත්වෙන ස්ථානයක් පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැති බව වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ය.