by Staff writer 21-02-2019 | 5:38 PM
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
ඒ, විරෝධතා පා ගමන පොලිස් අණ නොතකමින් ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ දැරූ අවස්ථාවේදී ය.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන්ට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සරසවි සිසූහු මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් අද දහවල් මෙම විරෝධතාව ආරම්භ කළහ.
ජනාධිපති කාර්යාලය දෙසට ඇතුළු වීමට තැත් කළ පිරිසට කොළඹ සෙරමික් මංසන්ධිය අසළදී පොලීසිය ඊට ඉඩ ලබා නොදුන්නේ ය.