Update: ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

Update : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

by Staff writer 21-02-2019 | 6:38 AM

COLOMBO (News 1st)

Update: 9.55 A.M ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය තව ත් සුළු මොහොතකින් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඇරඹීමට නියමිත වේ. -----------------------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිත වේ.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි ව තිබේ. එහිදී ප්‍රකාශය කිරීමට නියමිත ඡන්ද ගණන 143 ක්. අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාරදුන් අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ මොහාන් ද සිල්වා මහතායි. උපසභාපති ධූරයට රණතුංග පාර්ශ්වයෙන් අර්ජුන රණතුංග, කේ. මදිවානන් තරග කරන අතර සුමතිපාල පාර්ශ්වයෙන් රවීන් වික්‍රමරත්න සහ ශම්මි ද සිල්වා තරග වැදීමට සූදානම් වේ. නමුත් සුමතිපාල පාර්ශ්වයේ මොහාන් ද සිල්වාගේ සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා අභියාචන කමිටුව ප්‍රතික්ෂේප කර ඇත. එම තීරණයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවට ගිය අතර ඔවුන්ගේ පෙත්සම ඊයේ නැවත සලකා බැලුණි. උපසභාපති හෝ උපලේකම් ධූරයට රවීන් වික්‍රමරත්න මහතාටත් ලේකම් ධූරයට මොහාන් ද සිල්වා මහතාටත් තරග කිරීමට අවස්ථාව ලබාදීමේ එකගතාවයට එහිදී දෙපාර්ශ්වය කැමැත්ත පළ කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද උදෑසන 10.30 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත වේ.