ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ

by Staff writer 21-02-2019 | 1:54 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය අද තෝරා පත්කර ගැණුනි.

අද පැවැති ඡන්ද විමසීමේදී සභාපතිවරයා ලෙස පත් වූයේ ඡන්ද 83 ක් හිමිකරගත් ශම්මි සිල්වා මහතායි. උපසභාපති ධූරය ඡන්ද 82 ක් ලබාගත් රවීන් වික්‍රමරත්න මහතාට හිමි විය. ඡන්ද 96 ක් ලබාගත් මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම්වරයායි. උපලේකම්වරයා ලෙස ඡන්ද 94 ක් ලබා ගත් ක්‍රිශාන්ත කපුවත්ත මහතා තේරී පත් ව සිටි. නව භාණ්ඩාගාරිකවරයා ලෙස පත් වූයේ ඡන්ද 100 ක් ලබාගත් ලසන්ත ලියනගේ මහතායි. ඡන්ද 92 ක් ලබාගත් ලලිත් රඹුක්වැල්ල මහතා උපභාණ්ඩාගාරිකවරයා ලෙස පත් විය.