දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි

ශ්‍රී ලංකාවට එරෙහි 2වන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි

by Staff writer 21-02-2019 | 7:32 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝට් එලිසබෙත්හිදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 62ක් අවසානයේදී ලකුණු 222කට දැවී ගියේ ය. දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු 3 ලකුණු 15කදී බිඳ වැටිණි. ඩීන් එල්ගා ලකුණු 6කට දැවී ගිය අතර හෂීම් අම්ලාට සහ ටෙම්බා බවුමාට ලකුණු රැස් කිරීමට හැකි නොවීය. ආරම්භක පිතිකරු ඒඩ්‍රන් මාක්‍රම් ලකුණු 60යි. නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 25කට දැවී ගියේ ය. සිය ටෙස්ට් දිවියේ 6 වන අර්ධ ශතකය වාර්තා කළ ඊඩ්න් මාක්රම් ලකුණු 60යි. දකුණු අප්‍රිකා පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි නොවිණි. මේ අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් සිදු වූ ආබාධයක් හේතුවෙනි.