රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව සභාගත කෙරේ

by Staff writer 21-02-2019 | 12:22 PM

COLOMBO (News 1st) - රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි. ආන්දෝලනයට තුඩුදුන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මෙතෙක් ලැබී නොමැති බව අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයා නිවේදනය කළේ ය.