by Staff writer 21-02-2019 | 9:00 PM
COLOMBO (News 1st) - අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා ව්‍යවස්ථා සභාව හා 19 වන සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අදහස් පළ කළේ ය.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, තමා බිහි කළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව ය.
මානව හිමිකම් කොමිසම පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කළ ජනාධිපතිවරයා, මානව හිමිකම් කොමිසම රකින්නේ රටේ ජනතාවගේ මානව හිමිකම් ද නැතිනම් අපරාධකාරයින්ගේ මානව හිමිකම් ද යනුවෙන් ප්‍රශ්න කළේ ය.
මේ අතර ව්‍යවස්ථා සභාව මේ වන විට විනිශ්චයකාරවරු 14 දෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා පැවසුවේ, ඇතැම් විනිශ්චයකාරවරුන්ගේ නම් තෙවරක් ව්‍යවස්ථා සභාව තමා යොමු කර ඇති බව ය.
විනිශ්චයකාරවරුන්ට ලබා ගැනීමට ඇති උසස් වීම් ව්‍යවස්ථා සභාව මගින් ලබා නොදෙන්නේ නම් ඊට හේතු විමසීමට විනිශ්චයකාරවරුන්ට අයිතියක් ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ ය.