ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 21-02-2019 | 5:57 AM

දේශීය පුවත්

1. නීතිඥ සංගමයේ සභාපති පුටුව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්සට: ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එහි නව සභාපතිවරයා ලෙස පත් විය. 2. තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතින කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩර් අර්බුදය: කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජනා වූ මෙගාවොට් 300ක විදුලි බලාගාරය සම්බන්ධ ටෙන්ඩරය පිරිනැමීම තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතී. 3. පාර්ලිමේන්තු සංකීර්ණයට නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කෙරේ: පාර්ලිමේන්තු සංකීර්ණයට නව විදුලි සෝපාන සවි කිරීමට තීරණය කර තිබේ. 4. විලච්චියේ කාන්තාවක් කුරුමිට්ටෙකුගේ ප්‍රහාරයකට ලක් වෙයි: අනුරාධපුර විලච්චිය ඇත්දත්කල්ල ප්‍රදේශයේ සැරිසැරූ අඩි 2ක් පමණ උස කුරුමිට්ටන් වැනි අද්භූත මිනිසෙකු සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවක තුවාල ලබා තිබේ. 5. මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක්: මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරයි.

විදෙස් පුවත්

6. පාකිස්ථාන අගමැති චෝදනා ඉවතදමයි: කිසිදු සාක්ෂියකින් තොරව පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්ථාන රජය සම්බන්ධ බවට ඉන්දියාව කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

දවසේ සිත්තම...