ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙයි

ඔස්ට්‍රේලියානු හිටපු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙයි

by Staff writer 21-02-2019 | 12:46 PM

ඔස්ට්‍රේලියානු හිටපු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙන බව අද නිවේදනය කර තිබේ.

ඇය සඳහන් කළේ, තමුන් දේශපාලනයෙන් ඉවත් වන්නේ තව ත් අයෙකුට අවස්ථාව ලබාදීමට බවයි. ඉකුත් අගෝස්තු මාසයේ පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ඇය පරාජයට පත්වීමෙන් පසු ජූලි බිෂොප්ගේ අනාගතය කුමක් වනු ඇද්දැයි සියලු දෙනා බලා සිටියහ. මහ මැතිවරණ පරාජයෙන් පසු ජූලි බිෂොප් වසර 11 ක කාලයක් කටයුතු කළ ලිබරල් පක්ෂ නියෝජ්‍ය නායක ධූරයට ද සමු දුන්නා ය. ඒ, ලබන මැයි මාසයේ පැවැත්වෙන මැතිවරණයට තරග නොකරන බව ද පවසමිනි. ඇය පවසන්නේ ලිබරල් පක්ෂයේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය නායිකාව ලෙස කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් බවයි. ජූලි බිෂොප් සිය තනතුරු වගකීම් සෑම තනතුරකදීම පිළිඹිඹු කළ ගෞරවනීය භාවය සහ සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඇයට ස්තූතිය පළ කරයි. වසර 5 ක කාලයක් ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරිය ලෙස කටයුතු කළ ජූලි බිෂොප්, තම රාජ්‍ය තාන්ත්‍රිකභාවය ලොවට පෙන්නුම් කළ දේශපාලන චරිතයකි.