ඉන්දීය ධීවරයින් 13 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 13 දෙනෙක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

by Staff writer 21-02-2019 | 12:00 PM

COLOMBO (News 1st) - උතුරු මුහුදේ නීති විරෝධිව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා තුනක් ද සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලීසියට භාරදීමට නියමිත වේ. මේ අනුව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් වසරේ ගත වූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 31 කි. ඔවුන් සමග යාත්‍රා 5 ක් ද සිය භාරයට ගෙන ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.