රාජකාරියේ නිරත රුසියානු සෙබළුන්ට Smartphones භාවිතය තහනම් කෙරේ

රාජකාරියේ නිරත රුසියානු සෙබළුන්ට Smartphones භාවිතය තහනම් කෙරේ

රාජකාරියේ නිරත රුසියානු සෙබළුන්ට Smartphones භාවිතය තහනම් කෙරේ

කර්තෘ Staff writer

21 Feb, 2019 | 9:22 am

රාජකාරියේ නිරත සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ.

රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු නව පනතට අනුව ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් වනු ඇති.

හමුදා සෙබළුන්ට හමුදාව ගැන ලිවීම හෝ මාධ්‍යයට අදහස් පළ කිරීම ද මේ යටතේ තහනම් වේ.

450 දෙනෙකුගෙන් සමන්විත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 400 කට වැඩි පිරිසක් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දී තිබුණි.

නව පනත සම්මතවීමත් සමග දුරකතන ඇමතුම් ගැනීමට සහ කෙටි පණිවුඩ යැවීමට පමණක් හැකි ජංගම දුරකතන භාවිත කිරීමට සෙබළුන්ට අවස්ථාව හිමිවුවත්, ටැබ්ලට් හෝ ලැප්ටොප් පරිගණක භාවිතය ද තහනම් වනු ඇති.

සෙබළුන්ගේ සමාජ වෙබ් අඩවි ගිණුම් තුළින් රහසිගත හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මාධ්‍යයට යාම වැලැක්වීම මෙවැනි පනත් කෙටුම්පතක් සම්මත කිරීමේ අරමුණ වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]