by Staff writer 21-02-2019 | 11:38 AM
COLOMBO (News 1st) - කුරුණෑගල, මාවතගම පරගහපිටිය ප්‍රදේශයේදී කසළ තේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් ලොරි රථ දෙකකින් කොළඹ බලා අදාළ කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි.
සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති කසළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 10,140 ක්.
අත්අඩංගුවට ගත් අම්බැක්ක සහ හංදෙස්ස යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අද පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.