by Staff writer 20-02-2019 | 11:28 AM
COLOMBO (News 1st) : පුත්තලම, පෙරියකුලම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු බඳින තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ නිලධාරියා තවත් පිරිසක් සමග මෙහෙයුමේ නිරතව සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
ආණමඩුව පොලීසියේ දූෂණ මර්දන අංශය භාරව සිටින ස්ථානාධිපතිවරයා එලෙස තුවාල ලබා තිබේ.
පොලීසිය සැක පළ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් එම බඳින තුවක්කුව අටවන්නට ඇති බවයි.
තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබයි.