පකිස්ථාන අගමැති චෝදනා ඉවතදමයි

පකිස්ථාන අගමැති චෝදනා ඉවතදමයි

by Staff writer 20-02-2019 | 8:12 AM
කිසිඳු සාක්ෂියකින් තොරව පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයට පකිස්ථාන රජය සම්බන්ධ බවට ඉන්දියාව කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම , පකිස්ථානය පදනම් කරගිනිමින් බිහිවූ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානය පිළිගෙන ඇති පසුබිමකදීයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි පිළිගැනීම පකිස්ථාන ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පුදුමයට පත්නොවන බව ඉන්දියාව ප්‍රකාශ කළේ ය. ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමෙන් වැළකී පකිස්ථානයේ සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයි, පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉන්දීය රජය ඉල්ලීමක් ද කර තිබේ. පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40 ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මේ අතර පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය ඉතා කුරිරු ක්‍රියාවක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉන් දෙරටේ මිත්‍රත්වයට ද දැඩි බලපෑමක් විය හැකි බව පවසමිනි.