මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක්

මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක්

මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක්

කර්තෘ Staff writer

20 Feb, 2019 | 2:59 pm

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

එම කමිටුව පත් කර ඇත්තේ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙනි.

ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර, ආශු මාරසිංහ යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටියේ, කැබිනට් මණ්ඩලය තුළ කෝකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]