සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව අද

සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව අද

by Staff writer 19-02-2019 | 12:21 PM
COLOMBO (News 1st) : අද මෙරට ජනතාවට සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවන බව තාරකා විද්‍යාඥයෝ පවසති. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අද දිනයේ සඳ වෙනත් දිනවලට සාපේක්ෂව 6% ක් විශාලත්වයෙන් හා 14% ක් දීප්තියෙන් දිස්වන බවයි. ලබන 14 වැනිදා ඉතාම කුඩා හඳක් බලා ගැනීමේ අවස්ථාව ද මෙරට ජනතාවට හිමිවන බව මහාචාර්යවරයා පැවසී ය.