ජම්මු කාශ්මීර ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කෙරේ

ජම්මු කාශ්මීර ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කෙරේ

by Staff writer 19-02-2019 | 8:07 AM
COLOMBO (News 1st) : ඉන්දීය සෙබළුන් 40 කට වැඩි පිරිසක් ඝාතනය කරමින් ජම්මු කාශ්මීරයේ පුලවාමා ප්‍රදේශයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත්වී තිබේ. ඉන්දීය හමුදාව සඳහන් කළේ, පැය 12 ක කාලයක් පැවති දැවැන්ත මෙහෙයුමකින් පසුව ජයිශ් ඒ මොහොමඩ් නමැති පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් අණදෙන නිලධාරී කම්රාන් සහ බෝම්බ විශේෂඥයකු ඇතුළු ත්‍රස්තවාදීන් තිදෙනෙකු ඝාතනය කළ හැකි වූ බවයි . මෙම මෙහයුම්වලින් ඉන්දීය හමුදාවේ මේජර්වරයකු , හමුදා සෙබළුන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරියකු ද මියගොස් තිබේ. පෙනුමෙන් කෙසඟ පුද්ගලයකු වන කම්රාන් , කාශ්මීර නිම්නයේ තරුණයන් ත්‍රස්තවාදීන් ලෙස බඳවා ගැනීමේ සහ පුහුණු කිරීමේ නිරතවූ බව ද සඳහන් ය.