ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ IP කපිල රිමාන්ඩ්

ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ IP කපිල රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 19-02-2019 | 11:44 AM
COLOMBO (News 1st) : ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකාර පොලිස් පරීක්ෂකවරයා ගාල්ල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, අදාළ පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මතයි. පොලිස්පතිවරයාගේ නියෝග මත පසුගිය 13 වන දා මෙම පුද්ගලයින් දෙදෙනාගේ අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබී ය.