ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

19 Feb, 2019 | 7:29 am

COLOMBO (News 1st) :

දේශීය පුවත්

1. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට සැකපිට පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට : ගාල්ල, රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

2. වේල්ල වීදියේ වෙඩි තැබීමට සැකපිට ‘රයිනා’ STF අත්අඩංගුවට : කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

3. මාරවිල මාරක අනතුර සිදු කළ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට : පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් මාරවිල මහවැව සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

4. කටුනායක ගුවන්තොටුපොළේදී ඉන්දීය ජාතිකයෙක් හදිසියේ ම මියයයි : කටුනායක ගුවන් තොටුපොළේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය ජාතිකයෙකු මියගොස් තිබේ.

විදෙස් පුවත්…

1. සෞදි රජු පාකිස්ථානයේ ඩොලර් බිලියන 20 ක වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තබයි…: පාකිස්ථානය සමග අමෙරිකානු ඩොලර් බිලියන 20 ක් වටිනා වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ බව සෞදි අරාබිය පවසයි. මෙම ගිවිසුම්වලට එළැඹ ඇත්තේ, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ පාකිස්ථාන සංචාරය අතරතුරය.

ක්‍රීඩා පුවත්…

1. ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි : බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]