by Staff writer 18-02-2019 | 9:13 PM
පාකිස්ථානය සමග අමෙරිකානු ඩොලර් බිලියන 20 ක් වටිනා වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ බව සෞදි අරාබිය පවසයි.
මෙම ගිවිසුම්වලට එළැඹ ඇත්තේ, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ පාකිස්ථාන සංචාරය අතරතුරය.
පාකිස්ථානයට පැමිණි සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අගමැති ඉම්රාන් ඛාන් විසින් පිළිගනු ලැබුනේ උණුසුම් අයුරිනි.
ඔටුන්න හිමි කුමරු රැගත් මෝටර් රථය ද අගමැතිවරයා විසින්ම පදවාගෙන යාම විශේෂත්වයකි.
විදෙස් මාධ්‍ය පැවසුවේ, ආර්ථික වශයෙන් පරිහානියට පත් ව ඇති මොහොතක සෞදි අරාබිය මෙවැනි ආයෝජන අවස්ථාවක් පාකිස්ථානයට උදා කරදී ඇති බවයි.
ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමෙන් පසු සෞදි ඔටුන්න හිමි කුමරුට පාකිස්ථානයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට ද නියමිත වේ.
සෞදියේ සිටින පාකිස්ථාන සිරකරුවන් 2107 දෙනෙකු නිදහස් කිරීමට ද සෞදි කුමරු එකඟතාව පළ කර තිබේ.
මෙම සංචාරයෙට සමගාමීව මලයාසියාවේ සහ ඉන්දුනීසියාවේ සංචාරය කිරීමට නියමිතව තිබුනත් එම සංචාරයන් කල් දමා ඇති අතර සැලසුම් කළ පරිදි ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත වේ.
සෞදියේ මොහොමඩ් බින් සල්මාන් හෙවත් එම් බී එස් කුමරු දකුණු ආසියාවේ මෙලෙස සංචාරක නිරතවන අතවාරයේදී ඊයේ කටාර් රාජ්‍යයට අයත් ගුවන් යානයක් මත්තල මහින්ද රාජපක්ෂ ජාතයන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබුණි.
එම විශේෂ යානයෙන් පැමිණ තිබුනේ කටාර් රාජ්‍යයේ ඉහළපෙළේ රාජත්‍රාන්ත්‍රිකයින් පිරිසක් ය.
ඔවුන්ගේ පැමිණීමට සමගාමීව කටාර් රාජ්‍යයට අයත් ගුවන් යානා 4 ක් මෙරටට පැමිණ ඇති බව ද වාර්තාවේ.
කටාර් හා සෞදි අරාබිය අතර බරපතළ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් පවතින රාජ්‍ය එය සැලකෙන්නේ දෙවන අරාබි සීතල යුද්ධය ලෙසයි.
2014 ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ආරම්භයේදී අතිකරගත් එකඟතා කඩ කරන බවට චෝදනා කරමින් සෞදි අරාබිය 2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, ඊජිප්තු, ජෝර්දානය, සහ මාලදිවයින ඇතුළු රටවල් ගණනාවක් සමග එක් ව කටාර් රාජ්‍යයට රාජ්‍ය තාන්ත්‍රික සීමා පනවනු ලැබුවේ ය.
එහිදී ඔවුන් සිය ගුවන් සහ මුහුදු සීමා භාවිත කිරීම කටාර් රාජ්‍යයට තහනම් කළේ ය
තුර්කිය සහ ඉරානය සමග රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා සබඳතා සීමා කරන්නැයි සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය කරන බලපෑම් කටාර් මේ දක්වා පිළිගෙන නැත.