වේල්ල වීදියේ වෙඩි තැබීම: 'රයිනා' STF අත්අඩංගුවට

වේල්ල වීදියේ වෙඩි තැබීමට සැකපිට 'රයිනා' STF අත්අඩංගුවට

by Staff writer 18-02-2019 | 10:07 PM

COLOMBO (News 1st) - කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේදී ඊයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ සමීපතමයෙකු බවට ද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ, දිසානායක චනිදු චනිල්ක සංකල්ප නොහොත් 'රයිනා' නැමැත්තෙකි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් පමණ සහ කඩුවක් ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇත. 24 හැවිරිදි සැකකරු සුරියමල්පුර කුමාරදොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.