මාරවිල මාරක අනතුර සිදු කළ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට

by Staff writer 18-02-2019 | 6:09 PM

COLOMBO (News 1st) - පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් මාරවිල මහවැව සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හලාවත මහවැව ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 19 කි. බස් රථය රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමර් කණුවක ගැටීමෙන් අනතුර සිදු විය. බස් රථ රියැදුරු ද අනතුරින් තුවාල ලැබූ අතර ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේ ය. 33 හැවිරිදි ඔහු අනුරාධපුර පදිංචිකරුවෙකි.