මාරවිල මාරක අනතුරක් : සිව් දෙනෙක් මරුට, 20කට තුවාල

JUST IN : මාරවිල මාරක අනතුරක් : තිදෙනෙක් මරුට, 20කට තුවාල

by Sagarika Chathumali 18-02-2019 | 6:25 AM
COLOMBO (News 1st) : අද අලුයම 4 යි 30ට පමණ මාරවිල, මහවැවදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ. වවුනියාව සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස්රථයක් පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැවදී විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 19 දෙනෙකු මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් තුවාලකරුවෙකු හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.