දියවන්නා ඔයේ මළ සිරුරක්

දියවන්නා ඔයේ මළ සිරුරක්

by Staff writer 18-02-2019 | 8:59 AM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබේ. පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 50 ක පමණ කාන්තාවකගේ මළ සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.