ගලෙන්බිඳුණුවැව ගුරුවරුන් විරෝධතාවක...

ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් කහටගස්දිගිලියේ විරෝධතාවක

by Staff writer 18-02-2019 | 3:31 PM

COLOMBO (News 1st) - අනුරාධපුරය, ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් අද පස්වරුවේ කහටගස්දිගිලිය නගරයේ විරෝධතාවක නිරත විය.

ඒ, කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියකට සිර දඬුවම් නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හා ගුරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්නැයි රජයට බල කරමිනි. පාසල් සිසුවෙකුට පහරදීමට වරදකරු වූ පාසල් ගුරුවරියකට කුරුණෑගල මහාධිකරණය පසුගිය දා බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළේ ය. සිර දඬුවම් නියම වුයේ, කුරුණෑගල නගරාසන්න විද්‍යාලයක සේවය කළ 55 හැවිරිදි ගුරුවරියකටයි.