නවම් පෙරහැර හේතුවෙන් කොළඹ රථ වාහන සැලැස්මක්

ගංගාරාම විහාරයේ නවම් පෙරහැර හේතුවෙන් රථ වාහන සැලැස්මක්

by Staff writer 18-02-2019 | 5:44 PM

COLOMBO (News 1st) - අද රාත්‍රි 7.00 සිට සර් ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඤවීදිය වටරවුමේ සිට පිත්තල මංසන්ධිය දක්වා රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ, ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පෙරහැර හේතුවෙනි. පෙරහැර අවසන් වන තුරු රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙනු ඇත.