කෙසෙල්වත්තේ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවෙයි

කෙසෙල්වත්තේ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවෙයි

by Sagarika Chathumali 18-02-2019 | 12:19 PM
COLOMBO (News 1st) : කොළඹ, කෙසෙල්වත්ත වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසීය හා කොළඹ අපරාධ කෙට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තුවාල ලැබූ පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි. ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයා මේවන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. කෙසෙල්වත්ත ප්‍රදේශයේ ම පදිංචි මෙම තරුණයා පාපන්දු ක්‍රීඩා කර යමින් සිටියදී වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලීසිය පවසන්නේ, කප්පම් සිද්ධියක් මත වෙඩි තැබීම සිදුව ඇති බවයි. ප්‍රදේශයේ පළතුරු ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලා ඇති අතර ඔහු කප්පම් නොදීමේ සිද්ධියක් මත ඔහුගේ ඥාතියෙකුට මෙලෙස වෙඩි තබා ඇති බව සඳහන් ය.