English
தமிழ்
කර්තෘ Staff writer
18 Feb, 2019 | 7:30 pm
කටුගස්තොට සිට මහනුවර දෙසට ධාවනය වූ මෙම ත්‍රිරෝද රථය ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ජීප් රථයක ගැටුණේ කටුගස්තොට මංසන්ධියේදීයි.
පසුව ත්‍රිරෝද රථයේ රියැදුරු අසළ ඇති පදික වේදිකාවේ බිම හිඳගත්තේ ය.
CCTV දර්ශනවල සටහන්ව ඇති වේලාවට අනුව තුවාලකරු රෝහලට රැගෙන යෑම සඳහා විනාඩි 10 කට අධික කාලයක් ගතවී තිබේ.
ටික වේලාවකට පසු තුවාලකරු අනතුරට සම්බන්ධ ජීප් රථයෙන්ම මහනුවර මහ රෝහල වෙත රැගෙන යන ආකාරය ද දක්නට ලැබුණි
කටුගස්තොට ප්‍රාදේශීය රෝහල අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් 500 ක් පමණ ඈතින් පිහිටා ඇතත් තුවාල ලැබු පුද්ගලයා රැගෙන ගොස් ඇත්තේ මහනුවර මහ රෝහලට බව හෙළිවිය.
මහනුවර රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, රෝහලට රැගෙන එන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවයි.
ගෙලෙහි සිදු වූ කැපුම් තුවාලයක් හේතුවෙන් මරණය සිදුවන්නට ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ.
අනතුරකට ලක් වූ පුද්ගලයෙකු කිසියම් ස්ථානයක වැටී සිටින්නේ නම් වහාම රෝහලකට රැගෙන යාම සඳහා සියල්ලන් පියවරගත යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අනතුරින් මිය ගියේ ගොහාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රංජිත් සම්පත් නමැති 42 හැවිරිදි දෙදරු පියෙකි.
අනතුරට සම්බන්ධ ජීප් රථය මේ වනවිට කටුගස්තොට පොලීසියට රැගෙනවිත් ඇති අතර එහි රියැදුරු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඔහු ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.
මියගිය ත්‍රිරෝද රථ රියැදුරාගේ දේහය අද පස්වරුවේ ඔහුගේ ඥාතීන්ට භාරදී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.
25 Nov, 2019 | 11:34 AM
07 Aug, 2019 | 10:05 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS