'සුදු හකුරු සුමිත්' ඝාතනයේ සැකකරුවන් 3ක් අත්අඩංගුව

'සුදු හකුරු සුමිත්' ඝාතනයේ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

by Sagarika Chathumali 17-02-2019 | 3:37 PM
COLOMBO (News 1st) : තණමල්විල නගරයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු තණමල්විල කුමාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 10 වන දා දහවල් 12.20ට පමණ තණමල්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් සුදු හකුරු සුමිත් නොහොත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් 22 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබී ය. යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබූ අතර පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා මීට මාස 6 කට පමණ පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි ප්‍රධාන සැකකරුවෙකු බවයි. ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී යතුරු පැදි දෙකක් සහ වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් ගිනි අවි තුනක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ, තණමල්විල ගඟේයාය හා සූරියආර ප්‍රදේශයේ පදිංචි 25, 27,සහ 28 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකි.