by Staff writer 17-02-2019 | 3:01 PM
COLOMBO (News 1st): සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ලබන අප්‍රේල් පළමු වන දා සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ අනුරාධපුරයේ පැවති රැස්වීමකදීයි.
ඒ අනුව නඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 80 උපරිම සිල්ලර මිලකුත්, සම්බා සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 85 ක උපරිම සිල්ලර මිලක් නියම කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේ ය.