පාළාත් 5කට ඉදිරි පැය කිහිපයේ තද වැසි..

පාළාත් 5කට ඉදිරි පැය කිහිපයේ තද වැසි..

by Staff writer 17-02-2019 | 5:18 PM
COLOMBO (News 1st) : සබරගමුව, දකුණු, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු සහ අනතුරු ඇඟවීම් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ගිඟුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70-80 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර දිවයිනේ දකුණු අර්ධයේදී තවදුරටත් ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.