මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව දෙගුණයකින් ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව දෙගුණයකින් ඉහළට

by Staff writer 17-02-2019 | 6:47 AM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ අත්සනින් යුතුවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වසරකට ලබා දුන් රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 350000ක් දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිදහස් තැපැල් පහසුකම ඉහළ නංවා ඇත්තේ, රුපියල් 175000කිනි. පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මෙතෙක් වසරකට ලබා දුන් නිදහස් තැපැල් පහසුකම රුපියල් 24000කි. නව ගැසට් නිවේදනය මගින් එය රුපියල් 48000ක් දක්වා දෙගුණයකින් ඉහළ නංවා තිබේ.