ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 17-02-2019 | 7:02 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. රංගන ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු සහ මානව හිතවාදී දේශපාලනඥයෙකු ලෙස ජනාදරය දිනූ විජය කුමාරතුංග මහතා ඝාතනය කර ඊයේ දිනට වසර 31ක් සපිරේ. 2. හැටන් කොටගල ස්ටෝනකිල්ප් වතු යායේ ඉහළ කොටසේදී උගුලකට හසුව කොටියෙකු මිය ගොස් තිබේ. 3. රත්නපුර, කිරිඇල්ල, කරඳන ප්‍රදේශයේදී රසායන ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තිබේ. 4. ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන ගායන ශිල්පීන්ගේ මූලික පරීක්ෂණ වාර්තාව ඩුබායි නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි. 5. දිවුලපිටියේ මහ රෑ සිදු වන හරක් හොරකම නිසා එම ප්‍රදේශයේ කිරි ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. විදෙස් පුවත් 6. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩා පුවත් 7. වසර 8කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ඊයේ ජය ගත්තේ ය.