කෙසෙල්වත්ත, වේල්ල වීදියේ වෙඩි තැබීමක්...

කෙසෙල්වත්ත, වේල්ල වීදියේ වෙඩි තැබීමක්...

by Sagarika Chathumali 17-02-2019 | 8:01 PM
COLOMBO (News 1st) : කෙසෙල්වත්ත වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද රාත්‍රී 7.05 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකි. තුවාලකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර පසුගිය 14 වනදා රාත්‍රියේද ග්‍රැන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේදී මෙවැනිම වෙඩි ප්‍රහාරයක් කාන්තාවකට එල්ල වූයේ ඇයගේ නිවසේදීයි.

අප මේ සිදුවීම් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානයට යොමු කරවන්නෙමු.