හැටන් කොටගලදී උගුලකට හසු වීමෙන් කොටියෙකු මරුට

හැටන් කොටගලදී උගුලකට හසු වීමෙන් කොටියෙකු මරුට

by Staff writer 16-02-2019 | 4:29 PM
COLOMBO (News 1st) - හැටන් කොටගල ස්ටෝනකිල්ප් වතුයායේ ඉහළ කොටසේදී උගුලකට හසුව කොටියෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ උගුලකට කොටියා පැටලීමෙන් මෙලෙස මිය ගොස් ඇති බව ය. අඩි 5ක් පමණ දිගකින් යුතු මෙම කොටියාගේ මළ සිරුර අද උදෑසන වතු කම්කරුවන් දැක පොලීසියට දැනුම් දී තිබේ. කොටියාගේ මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා සිරුර නුවරඑළිය වනජීවී කාර්යාලයට භාර දුන් බව පොලීසිය පැවසුවේ ය.